බොරු කී විපක්ෂෙට අද ලොකු විපතක් වෙලා…! – ටිල්වින් සිල්වා….

April 7, 2025 at 5:00 pm | by emanisa.lk

කියන්නේ කුමක්ද කරන්නේ කුමක්ද යන්න නොදන්නා විපක්ෂයට අද විපතක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“අද විපතක් වෙලා තියෙන්නේ විපක්ෂයේ අයට. කියන්නේ මොකක්ද දන්නෑ. කරන්නේ මොකක්ද දන්නෑ. බොරු කිව්වේ ඒ ගොල්ලෝ. අපට ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කියලා ඒ කාලේ වැළලෙන්න හැදුවා.

දැන් අසල්වැසි රටේ අගමැති ලංකාවට ඇවිත් අපි එක්ක ගිවිසුම් අත්සන් කරලා වැඩ පටන් ගත්තාම මෙන්න රට පාව දෙනෝ කියලා කෑ ගහනවා. අපි පාව දීලි තියෙනවාද? නෑ.”

පඬුවස්නුවර පැවති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *