පාස්කු ප්‍රහාරය ඉන්දීය වැඩකැයි කී නලින්ද, නැවතුණේ මෝදිගේ පරිවාර ඇමති වෙලා…!

April 7, 2025 at 12:31 pm | by emanisa.lk

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමති ලෙස නම් කොට තිබුණේ අමාත්‍ය නලින්ද ජයතිස්ස බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරන්නේ විපක්ෂයේ සිටි සමයේ පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් යැයි චෝදනා කළේ නලින්ද ජයතිස්ස බවයි.

ඉන්දියානු අනුදැනුම මත පාස්කු ප්‍රහාරය එල්ල කළේ යැයි චෝදනා කළ පුද්ගලයා ලංකාවට පැමිණි නරේන්ද්‍ර මෝදිගේ පරිවාර ඇමති වීම ඉතිහාසයේ සැලකිය යුතු ඛේදවාචකයක් බවයි, පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ.

සිය පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පුබුදු ජයගොඩ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *