බදු සහන ඉල්ලා රටවල් 50ක් ඇමරිකාව පස්සේ…. වියට්නාමය තීරු බද්ද බිංදුවට බස්සයි… කාම්බෝජයත් 5%ට බහී… ලංකාවෙන් කමිටුවක්…!

April 7, 2025 at 9:33 am | by emanisa.lk

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවනු ලැබූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රටවල් රැසක් මේ වන විට අමෙරිකාව හා සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල මන්දිරය හා සම්බන්ධවීමට උත්සාහ දරා ඇති බවයි.

එම වාර්තා තවදුරටත් පවසා සිටින්නේ ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මහතාද වෙළෙඳ සාකච්ඡා සඳහා ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනය වෙත පැමිණීමට නියමිත බවය.

ට්‍රම්ප් ඉකුත් බදාදා තීරුබදු පැනවීම නිවේදනය කිරීමත් සමග වියට්නාමය පවසා සිටියේ අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 0% දක්වා අඩු කරන බවයි.

කාම්බෝජය ද එක්සත් ජනපද නිෂ්පාදන සඳහා 5% ක ආනයන තීරුබදු යෝජනා කරමින් ලිපියක් යවා ඇත.

ඉන්දුනීසියාව සහ තායිවානය ද අමෙරිකාව සම්බන්ධයෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර ජනාධිපති අනුර දිසානායක මෙම බදු පිළිබඳ විමර්ශනය සඳහා කමිටුවක් පත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *