ට්‍රම්ප්ගේ බද්ද අපට දරා ගන්න බෑ… ඒක අසාධාරණයි… ඇමරිකාව එක්ක සාකච්ඡා කරනවා…! – ඇමති හඳුන්නෙත්ති….

April 4, 2025 at 1:55 pm | by emanisa.lk

ඇමරිකාව විසින් පනවා ඇති නව බදු ප්‍රතිශතය ලංකාවට දරාගත නොහැකි බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“ඒක ලොකු ෂොක් එකක් අපට. අපි බලාපොරොත්තු නොවිච්චි දෙයක්. අපේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් අපේ දේශීය කර්මාන්ත ඔස්සේ ඩොලර් බිලියන 3ක විදේශ විනිමය උපයන්න සැලසුමක් තියෙනවා.

විශේෂයෙන් 44%ක් ගණනය කරලා තියෙන විදිහ අසාධාණයි. මේ ගාණ හදලා තියෙන්නේ වෙළඳශේෂ පරතරය දෙකට බෙදලා. ඇමරිකාව සහ අපි අතර තියෙන වෙළඳශේෂ පරතරය දෙකට බෙදලා භාගයක් අපට පටවන එක හරි නෑනේ.

ඇමරිකාවට අපට එහෙම දෙයක් කරන්න දේශපාලන හේතුවක් නෑ. මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක අපට දරා ගන්න අමාරුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *