දෙමටගොඩ චමින්ද නිදොස් කොට නිදහස්…!

April 1, 2025 at 3:25 pm | by emanisa.lk

2014 දී බොරැල්ල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පාතාල කල්ලි නායක කේ.එම්. සරත් බණ්ඩාර නොහොත් “එස්.එෆ්. සරත්” යන අයට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියමකර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් පසු, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (01) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මේ අතර, නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි චමින්ද රවි ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද” ඇතුළු තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

2014 අගෝස්තු 1 වන දින බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් තුළ හෙට්ටිආරච්චිගේ දුමින්ද නම් පුද්ගලයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනා මත විත්තිකරුවන් සිව්දෙනාට එරෙහිව නඩුව ගොනුකර තිබිණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *