ජනතාවට හදිසි වුණාට මාස හයෙන් හොරු අල්ලන්න බෑ… ඒකට අවුරුදු 05ක් ඕන…! – අධිකරණ ඇමති…

April 1, 2025 at 10:41 am | by emanisa.lk

හොරු ඇල්ලීම සඳහා ජනතාව බලාපොරොත්තු වන වේගයක් ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

ආණ්ඩුව එම වේගයෙන් නොයන නිසා ආණ්ඩු විරෝධී බලවේග ජනතාව අතට චකිතයක් නිර්මාණය කර ඇති බවට ඇමතිවරයා චෝදනා කරයි.

ජනතාව මාසයකට වරක් යම් සංදර්ශනයක් බලාපොරොත්තු වන නමුත් එම තත්ත්වය දැකගත නොහැකි නිසා ජනතාව ද එය සිදුනොවන්නේ යැයි සිතන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මාස හයෙන් සියල්ල කළ නොහැකි බවත් අවුරුදු පහක් ආණ්ඩුවට ඇති බවත් ඇමති හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *