IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර ඇත.
ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 299කි.
රුපියල් 371ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 361.00ක් වෙයි.
සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුව නොමැත. ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල 286.00ක් ලෙසත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331.00ක් ලෙසත් භූමිතෙල් ලීටරයට මිල රුපියල් 183.00ක් ලෙසත් පවතියි.