මාලිමාණ්ඩුවේ ජන පදනම කඩා වැටිලා… පුනරුදයේ පියාත් ඉල්ලා අස්වෙලා..! – ආචාර්ය නිර්මාල් දේවසිරි…

March 31, 2025 at 2:53 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ දැක්ම ගොඩනැඟීමේ දී සුවිශේෂ කාර්යයක් සිදුකළ ආචාර්ය දිලීප විතාරණ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සුළුපටු කාරණාවක් නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ජාතික ජන බලවේග ප්‍රවාහන කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ දිලීප විතාරණ ආණ්ඩුවේ පුනරුද සංකල්පය ගොඩනැඟීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව ද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවට ඉතාම පක්ෂපාතී අයකු වූ ආචාර්ය දිලීප විතාරණගේ ඉල්ලා අස්වීම ආණ්ඩුවට අනතුරු ඇඟවීමේ සංඥාවක් බව ද නිර්මාල් දේවසිරි සඳහන් කරයි.

මේ වන විට ජාතික ජන බලවේගය නිෂ්ක්‍රීය වී ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වී ඇති බවත් මේ වන විට ආණ්ඩුවේ පදනම විශාල වශයෙන් දුර්වල කර ගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *