බංකු ජාතික ආරක්ෂාවට පාතාළය කොකා පෙන්නයි… පවුල් පිටින් මරන බවට පොලිසියටත් තර්ජන…!

March 31, 2025 at 9:11 am | by emanisa.lk

ප්‍රංශයේ සැඟවී සිටින බව කියන ගණේමුල්ලේ සංජීවගේ ප්‍රධාන ගෝලයකු වන නේවි දිනේෂ් නමැත්තා ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට දුරකථනයෙන් කතා කර පවුල් පිටින් ඝාතනය කරන බවට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නේවි දිනේෂ් නමැත්තාගේ පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගැනීම නිසා කෝපයට පත්වී මොහු මෙම තර්ජන එල්ල කර ඇති බව වාර්තා වෙයි.

ඉකුත් 15 වැනිදා සිට මෙම තර්ජන දිගින් දිගටම පොලිස් නිලධාරීන් වෙත එල්ල වෙමින් තිබෙන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි. දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව හෙළිවී ඇත්තේ මෙම ඇමතුම් ඩුබායි රාජ්‍යයේ සහ ප්‍රංශයේ සිට ලැබී ඇති බවයි.

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඔහු මෙහෙයවූ පාතාල කල්ලියට නායකත්වය දීම සඳහා ඉදිරිපත්ව සිටින්නේ නේවි දිනේෂ් නමැත්තා බව ද වාර්තා වෙයි. මොහු තිරය පිටුපස සිට මෙම පාතාල කල්ලිය මෙහෙයවීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින අතර, සිය සගයන් යොදා ගනිමින් මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවල ද නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *