පෙබරවාරි 09 විදුලි බිඳ වැටීම…: හේතුව වඳුරත් නෙමෙයි… සෝලත් නෙමෙයි… බැරිකම….!

March 29, 2025 at 1:02 pm | by emanisa.lk

පසුගිය පෙබරවාරී 09 වෙනි දිනරට පුරා විදුලි විසන්ධි වීමට හේතුව වඳුරෙකු ගැටීම හෝ පුනර්ජනනීය විදුලි සැපයුමේ ගැටලුවක් නොවන බව අනාවරණය වී තිබේ.

DETAILED REPORT on TOTAL SYSTEM FAILURE at 11:13 HRS on 09th February 2025 නමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන ලද එම සිදුවීම සම්බන්ධ සවිස්තර වාර්තාව අනුව, පානදුර ග්‍රිඩ් උපපොළේ (Panadura GSS) 33kV දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇත.

සුළං, සූර්ය සහ කුඩා ජල විදුලි බලාගාර මගින් ජනනය කරන ලද මුළු බලය 109 MW ක් පමණක් වූ අතර, එය සම්පූර්ණ පද්ධතියේ බර වන 739 MWට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රතිශතයකි. එමෙන්ම, පුනර්ජනනීය බලශක්ති ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් වාර්තා වී නොමැත.

මේ අනුව පද්ධති බිඳවැටීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ග්‍රිඩ් උපපොළවල සිදුවන දෝෂය බව තහවුරු වෙයි. මෙම හේතු වෙනුවට පුනර්ජනනීය විදුලිය අර්බුදකාරී බව ප්‍රකාශ කරමින් රජය විසින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අධෛර්වයත් කිරීම ගැටලු සහගත බව විද්වත් මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *