රිලවු දූපතකට අරන් යන්න අනුමැතිය ලැබුණා… ව්‍යාපෘතිය ළඟදීම පටන් ගන්නවා…! – ජගත් මනුවර්ණ…

March 26, 2025 at 8:07 pm | by emanisa.lk

රිලවුන් දූපතකට රැගෙන යාමේ වැඩසටහන සඳහා විශේෂඥ කමිටු අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.

මෙය ද නියමු ව්‍යාපෘතියක් බවත් එහි හොඳ නරක තේරුම් ගත හැකි වන්නේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව හේවාහැට ආසනයේ ගම් 15ක් පදනම් කරගෙන මෙම නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ක්‍රියාත්මක කරන බව ජගත් මනුවර්ණ ප්‍රකාශ කරයි.

අද (26) මාධ්‍ය හමුවක දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

එහි දී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේ සත්ව සංගණනයේ ප්‍රතිඵල තවමත් නොලැබුණු බවත් එය 100%ක් නිවැරදි පිළිතුර ලෙස සැලකීමේ හැකියාවක් නොමැති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *