මාලිමාණ්ඩුව පුනරුදය ගෙනාවේ පාතාළයට….! – සජිත් ප්‍රේමදාස….

March 25, 2025 at 2:24 pm | by emanisa.lk

පාතාළයේ මූල බීජය වන නාඳුනන තුවක්කුකරුවන්, පැහැර ගැනීම්, මිනී මැරීමේ සංස්කෘතිය මෙරටට හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ජවිපෙ ජඩකම මැරකම තුවක්කු සංස්කෘතිය මෙරටට හඳුන්වා දුන් බව ජනතාව අමතක නොකළ යුතු බවයි.

පොදු ජනතාවට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදයක් නිර්මාණය කර ඇති බවත් ඔහු තව දුරටත් සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *