පසුගියදා අයවැය විවාදය අතර පාර්ලිමේන්තුවේ පැවති වාර්ෂික ක්‍රීඩා උලෙළේ කාන්තා මේස පන්දු ශූරතාව දිනාගැනීමට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි සමත්ව තිබේ. එහි අනූශූරතාව චමින්ද්‍රාණී කිරිඇල්ලට හිමිව ඇත
යුගල මේසපන්දු ශූරතාව ද නිලන්ති කොට්ටහච්චි සමග නි. ඇමති චතුරංග අබේසිංහ ජයග්‍රහණය කර තිබේ.
ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්රදානය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා උත්සව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මහ ලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.