ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ අයවැය පිළිතුරු කතාව ලංකාවේ කුඩා දරුවන්ට පවා ඇසීමට දිය යුතු ඓතිහාසික ප්‍රකාශයක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
“මම හිතන්නේ මේ පැය දෙක ලංකාවේ කුඩා දරුවෙකු පවා ඇසිය යුතු ඓතිහාසික ප්‍රකාශයක්. බාගෙ කතා, ෆේස්බුක් පෝස්ට් ඉතාමත් සීමිත විවේචන ප්‍රමාණයක් තමයි මේ අයවැයට තිබ්බේ. නමුත් ඒ තිබ්බ චෝදනා හැම එකටම ඉතාමත් සාධනීය පිළිතුරක් ජනාධිපතිතුමාගේ අවසාන කතාවෙදී ලබාදුන්නා.”
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ මේ බව පැවසුවේ පෙරේදා (21) අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රෙය් දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.