මාතර ගඟේ කිඹුල්ලු මිනී නොකන යුගයක් අපි හදනවා…! – ඇමති හඳුන්නෙත්ති….

March 23, 2025 at 12:42 pm | by emanisa.lk

මාතර ගඟේ (නිල්වලා ගඟ) ඉන්නා කිඹුලිගේ පැටියා කවියේ සඳහන් කිඹුලා මිනී නොකෑ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එහෙත් වර්තමානයේ එහි සිටින කිඹුලන් මිනී කන බවත් ඊට හේතුව මානව සබඳතා බිඳ වැටීම බවත් ඔහු පෙන්වා දෙයි.

“මිනිස්සුයි කිඹුල්ලුයි අතර තියෙන්නේ තරහක්. මේ කවියේ තියෙන විදිහට කිඹුල්ලු ඉස්සරත් ඉඳලා තියෙනවා. හැබැයි කිඹුල්ලුයි මිනිස්සුයි අතර මිනී නොකන සම්බන්ධයක් තිබිලා තියෙනවා.

දැන් කිඹුල්ලුන්ට කන්න දේවලුත් නෑ. මිනිස්සුන්ට ගඟ එක්ක තිබ්බ සම්බන්ධෙත් නෑ. මේ මානව බැඳීම් බිඳ වැටිලා. අපට ඕන මේක නැවත ගොඩනඟන්න.

නිකන් නෙමෙයි, නවීනත්වයත් එක්ක. සංචාරක කර්මාන්තයත් එක්ක. මාතර අකුරැස්සේ ජනතාවගේ ජීවන මාර්ගයත් එක්ක. මේක මගේ ජීවිතේ හීනයක්.”

මාතර පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *