බංකොලොත් රට ගොඩගත් අපි පුංචි ඡන්දේ උඩින්ම දිනනවා…! – නි. ඇමති මහින්ද ජයසිංහ….

March 20, 2025 at 5:02 pm | by emanisa.lk

ආර්ථික වශයෙන් බංකොලොත් වී අස්ථාවර වූ රටක් ඉතාම කෙටි කලකින් ස්ථාවර කිරීමට සමත් වූ නිසා ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය ඉතාම ඉහළින් ජයගත හැකි බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමට තමන් ට හැකි වූ බව ද හෙතෙම අවධාරණය කරයි.

පසුගිය මාස හතරක කාලය තුළ ආණ්ඩුකරණ ක්‍රියාවලිය ඉතාම සාර්ථක ලෙස ඉදිරියට ගෙන ගිය ද බව ද මහින්ද ජයසිංහ පෙන්වා දෙයි.

විපක්ෂයේ කණ්ඩායම් කුමන ප්‍රකාශ කළ ද මහ ජනතාව පෙරටත් වඩා විශ්වාසයෙන් දැන් ආණ්ඩුව සමග කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කරයි.

ගම්පහ දිස්ත්‍රික්ක පාලන පළාත් පාලන ආයතන සඳහා ජාතික ජන බලවේග නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *