පාස්කු ප්‍රහාරයට මාසෙන් දෙකෙන් යුක්තිය ඉටු කරන්න බෑ… ආණ්ඩුව ගන්න කල් අපට ඒක තේරුණෙත් නෑ…! – ඇමති ක්‍රිෂාන්ත අබේසේන…

March 18, 2025 at 10:01 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීම මාසයෙන් දෙකෙන් කළ හැක්කක් නොවන බවත් මේ අප්‍රේල් 21 වෙනිදා තමන් ද පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පෙළපාලි යන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

“ඉතින් අපි අනිවාර්යයෙන්ම අපි පොරොන්දු වෙනවා අපේ ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරයට සැබෑ යුක්තිය ඉටු කරනවා කියලා. ඒක දවසෙන් දෙකෙන් මාසෙන් කරන්න බෑ. අපි අනිවාර්යයෙන්ම මේ මාසය ඇතුළත මොකක් හරි කරනවා. ඒක ලේසි නෑ. ඒත් ඒක නෙවෙයි අවසානය. අපිට බෑ මේ මාස දෙක ඇතුළත මේක තමයි යුක්තිය, මේ තමයි මහ මොළකරු කියලා පෙන්වන්න. ඒකට තව කල් යනවා.

අපි එදා ඉදන් මීගමුවේ බාල්දි හන්දියේ ඉදන් හැම 21 වෙනිදාම පිකට් කළා. මේ අවුරුද්දෙත් කරනවා. මමත් යනවා පෙළපාලියට මේ අප්‍රේල් 21. පෙළපාලි යන්න වෙනවා මේකට අවසාන විසඳුමක් ලැබෙනකල්. අවසාන විසඳුම ලබාදීම මාසෙන් දෙකෙන් කරන්න බෑ, අපි ආණ්ඩුව ආවාට පස්සේ හොඳටම තේරුම් ගත්තා.”

ඇමති ක්‍රිෂාන්ත අබේසේන මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *