රට හදන්න නම් ඔක්කෝම ප්‍රාදේශීය සභාවල ආණ්ඩුව දිනවීම අත්‍යවශ්‍යයයි…! – ටිල්වින් සිල්වා…

March 17, 2025 at 3:58 pm | by emanisa.lk

රටේ දුප්පත්කම තුරන් කොට රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කොන්ත්‍රාත් නොගන්නා මන්ත්‍රී කණ්ඩායමක් හැදීම සිය බලාපොරොත්තුව බව ද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

රට හදන ආණ්ඩුවේ ක්‍රියාවලියට දායක වන පළාත් පාලන ආයතන ජාලයක් ගොඩනැඟීම සිය අරමුණ බව ද ඔහු සඳහන් කරයි.

ජාතික ජන බලවේග කොළඹ මහ නගර සභාව සඳහා නාම යෝජනා අත්සන් කිරීමේ අවස්ථාවට පැලවත්ත ජවිපෙ මූලස්ථානයේ දී එකතු වෙමින් ටිල්වින් සිල්වා මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *