මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය දුමින්ද හුලංගමුවට….!

March 17, 2025 at 9:29 am | by emanisa.lk

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

මහින්ද සිරිවර්ධන සේවා දිගුවක් මත දැනට මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් කටයුතු කරන අතර ඔහු මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත්කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *