පාතාළ පුනරුදය පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලනීකරණයේ ප්‍රතිඵලයයි…! – පාඨලී…

March 16, 2025 at 6:10 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුවට කිසිදු පාලනයක් නොමැති බවත් පොලිසිය දේශපාලනීකරණය වී නීතිය වල්වැදී ඇති බව සංවිධානාත්මක අපරාධකරුවන් අවබෝධ කර ගෙන ඇති බවත් ඔවුන් කිසිදු බයක් නොමැතිව හතර අතේ වෙඩි තබන්නේ ඒ නිසා බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඊට හේතුව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශ දේශපාලනීකරණය කිරීම බව ද ඔහු ප්‍රකාශ කරයි.

පොලිසියේ පළමුවැනිය සහ දෙවැනියා අතර ගැටුම දුරදිග ගොස් එය පොලිස් කොමිසම දක්වා ගොස් ඇති බව ද පොලිස්පති අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවීම ලෝක විහිළුවක් බව ද පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *