රාජපක්ෂලාගේ කාලේ ඉවරයි… ඊළඟ ජනාධිපති දිලිත්….!

March 15, 2025 at 3:12 pm | by emanisa.lk

රාජපක්ෂ දේශපාලනය මෙතනින් හමාර වන බව දිවංගත ආචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කළ බව සර්වජන බලය කුරුණෑගල නායක අනුරුද්ධ හේරත් පවසයි.

රටේ ඊළඟ ජනාධිපතිවරයා ගැන දිලිත් ජයවීර සමග සාකච්ඡා කළ යුතු බවත් එම අභියෝගය භාරගත හැකි නායකයා දිලිත් බවත් ආචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කළේ යැයි ඔහු සඳහන් කරයි.

ඊට පසු දිනම තමා දිලිත් ජයවීරගේ නිවසට ගොස් ඔහුට දේශපාලනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් එතැන් සිට මෙතෙක් දිලිත් ආ ගමන ගැන සතුටු වන බවත් අනුරුද්ධ හේරත් ප්‍රකාශ කරයි.

සර්වජන බලය කුරුණෑගල ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *