අද(15) පැවති සත්ව සංගණනය ඉතා සාර්ථකව සිදු වූ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.
ඒ සඳහා ලක්ෂ ගණනක ජනතාවක් ඉතා උනන්දුවෙන් සම්බන්ධ වූ බව ද ඇමතිවරයා පවසයි.
පර්චස් 60 ක පමණ වූ තම කුඩා ඉඩමේද බිරිඳ සහ පුතා සත්ව සංගණනය සිදුකර ඇති බවත් එහි රිලවුන් තුන්දෙනෙකු සිටි බවත් හෙතෙම කියා සිටියි.
මෙම සංගණනය සඳහා සහයෝගය ලබා දුන් සියලුම ජනතාවට, රාජ්‍ය නිලධාරීන්ට, මාධ්‍ය ආයතන ඇතුළු සියලු දෙනාටම තමන් ස්තූතිවන්ත වන බව ද නාමල් කරුණාරත්න තව දුරටත් ප්‍රකාශ කරයි.