බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරී ඝාතනය කරයි…!

March 13, 2025 at 7:14 pm | by emanisa.lk

ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී සිරිදත් ධම්මික මහතා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දී අද (13) පස්වරුවේ නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව අක්මීමන පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් 61 හැවිරිදි හිටපු බන්ධනාගාර අධිකාරීවරය එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම බන්ධනාගාර අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මාසයේ දී විශ්‍රාම ලබා ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *