එඩිතර තිලිණි ෂැල්වින් හොඳටම බය වෙයි… අගමැතිනිය විවේචනය කළ පෝස්ටුව සඟවයි….!

March 13, 2025 at 6:51 pm | by emanisa.lk

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන තිළිණි ෂැල්වින් අගමැතිනි හරිනි අමරසූරියගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ ලිපියක් ඉවත් කරගෙන තිබේ.

එමගින් විවේචනය කොට තිබුණේ, දේශපාලකයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම නතර කරන ලෙස තමන් නියෝග නොකළ බවට අගමැතිනි හරිනි අමරසූරිය සිදුකළ ප්‍රකාශයකි.

අදාළ නියෝගය සහිතව අගමැති කාර්යාලය විසින් පසුගිය වසරේ නොවැම්බර් 25 වෙනි දින මාධ්‍ය වෙත යොමු කළ ලිපියක් ද ඒ සමග පළ කර තිබිණි.

හරිනි අමරසූරිය දැන් අගමැතිනිය මිස ගෝඨාගෝගම වැසියන් අමතන විරෝධතාකාරියක නොවන බවත් තමන්ට රකින්න බැරි ප්‍රකාශ සිදු නොකළ යුතු බවත් තිළිණි ෂැල්වින් එහි පවසා තිබේ.

තමාගේ නියෝග තම කණ්ඩායමේ අය විසින්ම උල්ලංඝනය කරන විට එවැනි ප්‍රකාශයක් තමන් සිදු නොකළේ යැයි බොරු පවසන්නේ නම් මොවුන් වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින්නේ කෙසේ දැයි ඇය එම ලිපිය මගින් දැඩිව ප්‍රශ්න කර තිබිණි.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී මෙම සංවාදය නැවත මතු වූයේ හිටපු කතානායක ආචාර්ය අශෝක රන්වල පාසල් ක්‍රීඩා උත්සවයක් සඳහා සහභාගී වීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රශ්න කිරීමත් සමගය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *