අවුරුදු 22ක් තිස්සේ හදා ගන්න බැරි වුණ සාම්පූර් බලාගාරෙට ලබන මාසේ මුල්ගල තියනවා…! – ජනපති…

March 13, 2025 at 5:13 pm | by emanisa.lk

ඉන්දියාව සමග සාම්පූර් බලාගාරය ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡා අවසන් කළ බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

සාම්පූර් බලාගාරය ගොඩනැඟීම පිළිබඳ සාකච්ඡාව ආරම්භ වූයේ 2003 වැනි ඈත යුගයක බව ඉන්දියානු මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එම සාකච්ඡා අවසන් කළේ 2025 තම ආණ්ඩුව බවත් එළඹෙන අප්‍රේල් මස 06 වෙනිදා පමණ එම බලාගාරයට මුල්ගල තබන බව ද හෙතෙම අනාවරණය කරයි.

කොළඹ පැවැති තරුණ ව්‍යවසායක සමුළුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *