ජනතාව ගැන සහකම්පනයෙන් වෛද්‍ය වර්ජනය අවලංගු කරන්න…! – සෞඛ්‍ය ඇමති…

March 12, 2025 at 6:25 pm | by emanisa.lk

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක්කළ සැකකරු පැය 24ක් ගත වීමට පළමුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එලෙස අත්අඩංගුවට නොගතහොත් දියත් කරන බව ප්‍රකාශ කළ වෛද්‍ය වර්ජනය, අදාළ සිදුවීම පිළිබඳ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කළ පසුබිමක පවා ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නොවන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන පිරිස රෝගී ජනතාව පිළිබඳ සහකම්පනයෙන් කටයුතු කළ යුතු බව ද මෙම වර්ජනය නැවත කැඳවන ලෙස ඉල්ලා සිටින බව ද ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

අද (12) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *