බුද්ධි අංශ ශක්තිමත් නම් පොලිස්පති ඉන්න තැන ජනපති දැනගත යුතුයි….! – දිලිත්…

March 11, 2025 at 3:24 pm | by emanisa.lk

තමා ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු කිහිපයක් මතු කළ විට ප්‍රාදේශීය සභාවක් හෝ නියෝජනය නොකළ අයකු උපදෙස් ලබා දීමට එන්නේ යැයි එය අවඥාවට ලක් කළ බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

බුද්ධි අංශවල සහ ආරක්ෂ කවුන්සිලයෙහි පවතින ආධුනිකත්වය සලකා පළපුරුදු අයකු ජාතික ආරක්ෂක උපදේශක ධුරයට පත්කිරීමට තමා යෝජනා කළේ සද්භාවයෙන් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් ජනාධිපති අනුර දිසානායක එකවර පාර්ලිමේන්තුවට පැමිණ තමන් ආධුනික බවත් ඒවා අපි බලා ගන්නම් යැයි පවසා ගිය බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වන විට රටේ පොලිස්පතිවරයා අතුරුදන්ව ඇති බවත් ඔහු සිටින තැනක් ජනාධිපතිතුමා නොදන්නේ නම් බුද්ධි තොරතුරු රැස්කිරීමේ ගැටලුවක් ඇති බව පිළිගැනීමට සිදුවන බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *