ඉෂාරා සෙව්වන්දි විමර්ශන විහිළුවට අරන්… බොරු ඔත්තුවක් දුන් සැකකරු රිමාන්ඩ්…!

March 10, 2025 at 6:38 pm | by emanisa.lk

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දුන් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි දික්වැල්ල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක සැඟව සිටින බවට අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලිසිය වෙත සිය දුරකථනය මගින් දැනුම් දී ඇති බවයි.

පොලිසිය අදාළ ස්ථානය පරික්ෂාවට ලක් කොට ඇති අතර අදාළ සැකකරු ලබා දී ඇත්තේ අසත්‍ය තොරතුරු බව අනාවරණය වී තිබේ. මේ තුළින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ චෝදනා කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *