දේශබන්දු හොයන ප්‍රියන්තත් දේශබන්දු කළ වරදම කරනවා…! – කතරගම බස්නායක නිලමේ…

March 10, 2025 at 3:14 pm | by emanisa.lk

තමාගේ නිවස පරීක්ෂා කිරීමට ඊයේ (09) රාත්‍රියේ සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා ආ බව සඳහන් කර ඇතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

“ඊයේ රෑ කරපු වැඩේ නම් පුරවැසියෙක් හැටියට ලොකු ප්‍රශ්නයක්. කිසිම වරෙන්තුවක්වත් නිල ඇඳුමකින් සැරසුණු නිලධාරියෙක්වත් නැතුව සිවිල් ඇඳුමෙන් පිරිසක් ඇවිල්ලා තියෙන්නේ, ඔවුන් අතේ කිසිම නිත්‍යානුකූල ලියවිල්ලක් තිබුණේ නැහැ.

මාතර මාලිම්බඩ පොලීසියෙන් විමසුවාම ඔවුන් ඒ ගැන දැනුම්වත් නැහැ. ඒ නිලධාරීන් වාහනෙන් ගිහින් තිබ්බා මගේ ගෙදරට. ඒ නිලධාරීන් තමයි මොවුන්ව අඳුරගෙන තියෙන්නේ පොලිස් නිලධාරීන් හැටියට. ඔවුන් අම්මගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා අම්මට කරදර කරේ නැහැ කියලා. අවුරුදු 84ක් වන අපේ අම්මාට කළ කරදරේම හොඳට ම ඇති.

මම ඉන්නේ කොළඹනේ, නීත්‍යානුකූල නොවන විදියට සිවිල් ඇඳුමින් ගිය එක තමයි ප්‍රශ්නෙ, ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ, අන්තිමට කියලා තියෙන්නෙ දේශබන්දු තෙන්නකෝන් මහත්තයා ඉන්නවද බලන්න ආව කියලා. දේශබන්දු මහත්තයාට තියෙන්නෙත් ඔය චෝදනාවමයි. ඒ පොලිසිය දැනුම්වත් නොකර මේ විදිහටම මාතරට පිරිසක් යැව්වා කියන එක. ඒකම රිපීට් වෙනවා. රටේ පුරවැසියෝ විදිහට අපි ඉල්ලන්නේ ඒවා නොකර ඉන්න කියලා.”

ප්‍රකාශයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා සිදුකළ දැනුම්දීමක් අනුව අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *