නැකතට වැඩ අල්ලා ආණ්ඩුවට සහය වන්නැයි රිලවුන්ට ඉල්ලීමක්…!

March 10, 2025 at 12:09 pm | by emanisa.lk

රටේ සිටින සියලුම වඳුරන් සහ රිලවුන්ගෙන් මේ වන විටත් තමන් ඉල්ලීමක් කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඒ මාර්තු 15 වෙනිදා උදෑසන 08 වන විට තමන් පනින සුපුරුදු වත්තට පැන විනාඩි 05ක් විනයානුකූලව රැඳී සිට ආණ්ඩුවට සහයෝගය දක්වන ලෙසයි.

සිය ඉල්ලීමට රිලවුන් ඇහුන්කම් නොදේ නම් බූරුවන් සමග පවා කතා කිරීමේ හැකියාව ඇති නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ලවා මෙම පණිවිඩය රිලවුන් සහ වඳුරන් වෙත ලබා දිය යුතු බවයි, උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *