මාලිමාණ්ඩුව තව කල්පෙකට හොල්ලන්න බෑ…! – ටිල්වින්…

March 9, 2025 at 6:59 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව තව කල්පයකට සෙලවිය හැකි ආණ්ඩුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

එසේ සෙලවිය නොහැකි බව ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර පෙන්විය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුවට ඇති ජනබලය අඩු වී ඇතැයි ඇතැම් පරාජිත දේශපාලනඥයන් සිදු කරන ප්‍රකාශවලට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ප්‍රතිචාර දැක්විය යුතු බව ද ඔහු කියා සිටියි.

කොළඹ දී පැවති උත්සව සභාවක් අමතමින් ටිල්වින් සිල්වා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *