බිලියන 50ක් බදු ගන්න කරන්න යන අලුත්ම වැඩේ මෙන්න…!

March 9, 2025 at 12:01 pm | by emanisa.lk

නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා පවසයි.

“මත්පැන් මිල වැඩිවෙනකොට නීතිවිරෝධී මත්පැන්වලට ජනතාව හැරෙනවා. නමුත් අපි එය නියාමනය කරනකොට නීතිවිරෝධී මත්පැන් පැත්තට ගිය අයව නිත්‍යානුකූල මත්පැන් පැත්තට ගන්න පුළුවන්. දැන් පුසගිය කාලයේ මොනවා තිබුණත් අවසාන මාස දෙක ඇතුළත අදාළ වැටලීම් කරලා ඒවා මර්දනය කරන්න පටන් ගත්තා ඒ නිසා තමයි අපේ ආදායම වැඩි වුණේ.

බද්ද වැඩි කිරීම නෙමෙයි ආදායම වැඩිවීමට හේතුව. අපි අනික් පැත්තෙන් නියාමනය කරන කොට අපේ ආදායම වැඩිවෙන්න පටන් ගත්තා. ඒ නිසා නිෂ්පාදනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වුණා නෙමෙයි නීතිවිරෝධී පැත්තේ තිබුණු වෙළෙඳාම නීත්‍යානුකූල පැත්තට ආවා ඒක තමයි වුණේ. ඒ නිසා මට හිතෙනව තව ඉදිරියේදී මේක තව නියාමනය කරගෙන ගියොත් අපේ ආදායම වැඩිකර ගන්න පුළුවන්.

ඒ වගේම තමයි මම හිතනවා සභාපතිතුමා. දැන් යම් කිසි මිලකට දෙන්න පුළුවන් අඩුමිලට හොයන පාරිභෝගිකයා ගැලපෙන විදිහට ඒ මිලට අලුත් මත්පැන් එකක් හදන්න පුළුවන් වුණොත් අපිට බිලියන 50කින් විතර ආදායමකට යන්න පුළුවන්. ඒක මම දැන් මගේ නිලධාරී එක්ක සාකච්ඡාකරලා ඒකට අදාළ යෝජනාවක් ගෙන්නලා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරනවා.”

පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සුරාබසු කොමසාරිස් ජනරාල් උදය කුමාර මේ බව පැවසුවේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *