අපි මේ රට ස්වර්ග රාජ්‍යය කරා අරන් යනවාමයි…! – දේවානන්ද සුරවීර…

March 7, 2025 at 7:40 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය විසින් මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා අනිවාර්යයෙන්ම රැගෙන යන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර අවධාරණය කරයි.

“සතියෙන් සතිය ඒගොල්ලො මොකක් හෝ – එක්කෝ වඳුරු ප්‍රශ්නයක් ගත්තා, එහෙම නැත්නම් අලි ප්‍රශ්නයක් ගත්තා – සතියක් ජීවත් වෙන්නත් බැරි ප්‍රශ්න ටිකක් සමාජයට ගෙනත් දානවා.

හැබැයි විපක්ෂය අපි සම්බන්ධයෙන් ගොඩනඟපු ප්‍රබන්ධ ප්‍රතික්ෂේප කරමින් සහ අලුයම ලූ කෙළපිඬක් සේ අහක දමමින් ජනතාව අපිත් එක්ක ඉන්නවා.

විපක්ෂයේ ඒගොල්ලො මේ දවස්වල කරන්නෙ කෙඳිරිගාන එක. මේ රට ස්වර්ග රාජ්‍යයක් කරා නම් අපි අරගෙන යනවාම තමයි”

දේවානන්ද සුරවීර මේ බව පැවසුවේ පෙරේදා (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *