මෙවර පළාත් පාලන මැතිවරණයේදී පසුගිය මහ මැතිවරණයටත් වඩා ඉහළ ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
“මේ රටේ ජනතාව පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල විශාල තීන්දුවක් ගත්තා සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. ඉතින් ඒ සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව තව දුරටත් ඉදිරියට යනවායි කියන එක තමයි අපට කියන්න තියෙන්නෙ. ඉතින් කවුරු සන්ධානගත වුණත් අපට ඒක ගැටලුවක් නෙවෙයි.
ගම හදන්න – අපට දෙන්න කියන එක තමයි අපේ තේමාව. අපි තවම තේමාව අවසන් කරගෙන නෑ. කෙසේ වෙතත් ගමේ බලය අපට ඕනෙ. මොකද අපි දන්නවා මිනිසෙක්ගේ උපතේ සිට මරණය දක්වා බොහෝ දෛනික කටයුතුවලට අදාළ ආයතනය තමයි, ඒ පළාත් පාලන ආයතනය. ඉතින් ඒ ආයතන වංචාවෙන් දූෂණයෙන් අක්‍රමිකතාවෙන් තොරව කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණොත් තමයි රටේ ජනතාවට ඒ තමන්ගෙ පළාත් පාලන ආයතනයෙන් ඉටුකරගත යුතු වැඩ කොටස ඉටු කරගන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා රටේ ජනාධිපති ධුරය, ඒ වගේම පාර්ලිමේන්තුව අපට ලබාදුන්නා වගේම ඒ පළාත් පාලන ආයතනත් අපට ලබාදීම තුළ වඩාත් හොඳ සේවාවක් ජනතාවට ලබාගන්නට හැකියාව තියෙනවා.”
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මේ බව පැවසුවේ ඊයේ (06) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.