පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට ආදරෙයි කී තමන් බල්ලෙකු මෙන් අත්අඩංගුවට ගෙන සිරගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.
තමා අත්අඩංගුවට ගත්තේ සිග්නල් ලයිට් එකක් වාහනයට සවි කරගත්තේ යැයි චෝදනා කරමින් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
ආණ්ඩුව වෙනුවෙන් මැරෙන්න වුව සූදානම් යැයි ප්‍රකාශ කළ තමන් සතුරෙකු ලෙස සැලකීම ගැන කනගාටු වන බවත් ආණ්ඩුව අවුරුදු 5ක් නොව 20ක් පැවතිය යුතු බවත් අර්ජුන් රාමනාදන් සඳහන් කරයි.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.