අනික් අය 36%ක් බදු ගෙව්වත් ඔන්ලයින් ඩොලර් හොයන අය ගෙවන්නේ 15%ක් විතරයි….! – නි. ඇමති අනිල් ජයන්ත…

March 4, 2025 at 12:33 pm | by emanisa.lk

රටේ යම් සීමාවකට එහා ආදායම් උපයන සියලු දෙනා බදු ගෙවිය යුතු බව ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

ලංකාව ඇතුළත යම් අයකු රු. 150 000ට වැඩි ආදායමක් උපයන්නේ නම් ඊළඟ 83 000 සඳහා 6%ක් ද ඊළඟ රු. 41000 සඳහා 18%ක් ද එතැන් සිට 24%ක්, 30%ක් සහ 36%ක් වශයෙන් ද බදු ගෙවිය යුතු බව නි. ඇමතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වුව ද විදෙස් රටවලට සේවා සපයමින් ආදායම් උපයන පිරිසට රු. 150 000ට සිට ඊළඟ 83 000 සඳහා 6%ක් ද එතැන් සිට වැඩි වන ඕනෑම මුදලක් සඳහා 15% බැගින් පමණක් බදු පැනවෙන නිසා විශේෂ වාසියක් අත්වන බව ද නි. ඇමති අනිල් ජයන්ත සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *