රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබුණෙහොත් එළැඹෙන මාර්තු 05 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට රජයේ නිලධාරීන්ගේ සංගමය අද (03) තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසයි.
“2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා.
1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා.
වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි.”
මෙහිදී ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ, මාර්තු 06 වන දින වන විට මෙම නිවැරදි කිරීම සිදුනොවුවහොත් මාර්තු 07 දින සිට දැඩි තීන්දුවක් ගැනීමට රජයේ වෛද්‍ය නිලාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවයි.