අන්තර්ජාල සේවා බද්ද වෙන රටක් ගහන්න කලින් අපි ගැහුවා…! – ආර්ථික නි. ඇමති…

March 2, 2025 at 12:48 pm | by emanisa.lk

අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් සියයට පහළොවක් වන බදු මුදල මෙරට දී අය කර නොගතහොත් වෙනත් රටක දී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එය මෙරටදි අය කර ගැනීමට කටයුතු කළ බවද හෙතෙම ප්‍රකාශ කරයි.

මෙම බද්ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ 30%ක ප‍්‍රතිශතයකින් අය කිරීමට අනුමත කර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එකක් බව ද ඔහු හෙළි කරයි.

එහෙත් තම රජය මැදිහත්වී එය සියයට පහළොවක් දක්වා අඩුකර ගැනීමට කටයුතු කළ බවත් ඇමති අනිත් ජයන්ත ප්‍රකාශ කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මෙම අදහස් පළ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *