අපි සමාජවාදී ආර්ථික ක්‍රමය අසාර්ථක බව පිළිගන්නා වාමාංශික ව්‍යාපාරයක්…! – මාලිමා මන්ත්‍රී…

February 28, 2025 at 6:34 pm | by emanisa.lk

ලෝකයේ පරමාදර්ශී ආර්ථික මොඩලයන් සියල්ල අසාර්ථක වූ යුගයක තමන් ජීවත් වන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන පවසයි.

නැගෙනහිර යුරෝපීය මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය පිළිබඳ රුසියානු අත්හදා බැලීම බිඳ වැටුණු බවත් තමන් එය පිළිගත් වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් බවත් ඔහු පෙන්වා දෙයි.

2008 මූල්‍ය අර්බුදයට පසු ලෝකයේ නව ලිබරල් ආර්ථික ක්‍රමය අසාර්ථක වූ බව ආර්ථික විද්‍යාඥයන් පිළිගත්ත ද ලංකාවේ විපක්ෂය තවමත් එය නොපිළිගන්නා බවයි, රොෂාන් අක්මීමන සඳහන් කළේ.

අයවැය විවාදයට එකතු වෙමින් පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *