පාලන මිලට වෙට්ටු දාන පොළොන්නරුවේ මහ මෝල මට්ටු කරනවා…! – ඇමති වසන්ත සමරසිංහ…

February 26, 2025 at 10:29 am | by emanisa.lk

පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලක් තවමත් රජයේ පාලන මිල ඉක්මවා අත්තනෝමතික ලෙස සහල් විකුණන බවට නිරීක්ෂණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ පවසයි.

ඇමතිවරයා අවධාරණය කළේ, එම මෝල සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ තීරණයක් ගන්නා බවයි.

එම සහල් මෝල පසුගිය සමයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන 15කට වැඩි මුදලක් ණයට ලබා ගෙන ඇතැයි ද ඔහු කීවේය.

රජය විසින් අධීක්ෂණය කරනු ලබන අනෙක් මහා පරිමාණ සහල් මෝල් දහහතරම රජයේ පාලන මිලට සහල් නිකුත් කරන බව ද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *