අන්තර්ජාල ඩොලර් ආදායම්වලට ලොකු බද්දක් යෝජනා කළා.. අපි 15%ක බද්දක් විතරක් ගහනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

February 26, 2025 at 9:57 am | by emanisa.lk

සමාජ මාධ්‍ය හරහා සහ අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන පුද්ගලයින්ට 2025 අප්‍රේල් මාසයේ සිට එම ආදායම් සඳහා 15% ක බද්දක් පැනවෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“මගේ දැනුමේ හැටියට මීට වඩා ඉහළ බද්දක් තමයි යෝජනා වෙලා තිබුණේ. නමුත් අපට මේ වෙලාවේදී මේක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මීට වඩා බරපතළ බදුවලට යන්න වෙනවා. මොකද ඔබ දන්නවා මේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපට ඉතාම සීමිත බදු ප්‍රමාණයක් තමයි අය කරගන්න සිද්ධ වෙන්නෙ ජනතාවට විශාල බරක් පටවන්නෙ නැතිව. දැනටමත් පැටවිලා තියෙන බරෙන් අඩුකරන්න උත්සාහ කරමින් යන්නෙ. ඉතින් දැනට මට දෙන්න පුළුවන් උත්තරේ ඒකයි. මම බලන්නම් ඒකට මීට වඩා සහනයක් දෙන්න පුළුවන්ද කියන එක මුදල් අමාත්‍යාංශය පැත්තෙන්. “

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *