පසුගිය දිනක රෑ 12.30ට පමණ පාර්ලිමේන්තුවේ සිට තමන් සිය ගම්වැසියන් දෙදෙනෙකුට කතා කළ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
එහි දී තමන් කවුදැයි ඔවුන්ට හඳුන්වා දුන්න ද එය පිළිනොගත් බව ද හෙතෙම සඳහන් කරයි.
“උඹ මන්ත්‍රී වෙන්න බෑ. බොරු කියන්න එපා. උඹ කෝල් එක ගත්තේ මොකටද කියපන්.” යැයි ඔහු සඳහන් කළ බව ද සුනිල් රත්නසිරි ප්‍රකාශ කරයි.
ඔවුන් එය පිළිනොගත්තේ එය විස්මයක් පුදුමයක් නිසා බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මේ බව කීය.