රට තුළ සංචාරය කිරීමේ දී ජනාධිපති අනුර දිසානායක හෙලිකොප්ටර් භාවිත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක පවසයි.
“ජනාධිපතිතුමා උතුරේ සංචාරය සඳහා අවම වශයෙන් පැය හතක් මහ පාරේ ගත කරනවා. තීන්දු තීරණ ගන්න පුළුවන් වැදගත් කාලය පාර දිගේ උතුරට යන්න ඔහු නාස්ති කරනවා. එතුමා හෙලිකොප්ටර් එකේ ගමන් කළා නම් තීන්දු තීරණ ගන්න තව කාලය ඉතිරි වෙනවා.
කතානායකතුමාගේ නිල නිවසේ පිහිටා තියෙන්නේ මගේ අල්ලපු ගෙදර. මේ නිල නිවස වහලා දැමීමෙන් රටට ලැබෙන ප්රතිලාභ මොනවාද? රු. මිලියන කිහිපයක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි.”
රවී කරුණානායක අද (24) පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.