දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
“අපේ දළදා හාමුදුරුවන් වහන්සේගේ ප්‍රදර්ශනයක් අවුරුදු දහසයකින් විතර පවත්වලා නෑ. අපි උන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා, ප්‍රදර්ශනයක් පවත්වන්න කියලා. අවුරුදුවලින් පස්සේ එම ප්‍රදර්ශනය පැවැත්වීමට එකඟතාවකට අපි ආවා. “
මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මේ සඳහා මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතිය හිමිව තිබේ.