ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීයක වේගයෙන් ඉහළට… නවතම වෙරිටේ රිසර්ච් වාර්තාව එළියට…!

February 24, 2025 at 9:18 am | by emanisa.lk

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ඊයේ (23) දින වෙරිටේ රිසර්ච් විසින් එම තොරතුරු ඇතුළත් නිවේදනය ඉදිරිපත් කර ඇති අතර, 2024 වසරේ ජුලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් ඇති බව සඳහන් වේ.

ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහනයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩි දුරටත් අනාවරණයවී තිබේ.

එම නිවේදනයේ සඳහන් වන ආකාරයට, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවෙන බවත්, එය, 2024 ජුලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩු බවත් පෙන්වා දෙයි.

සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා අඩුව ඇති අතර, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා අඩුව ඇති බව පෙන්වා දේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *