ජාතික ලැයිස්තු මාලිමාවක් ඉල්ලා අස්වෙයි… ප්‍රකට ව්‍යාපාරිකයා මන්ත්‍රී වී මුදල් ඇමති ධුරයට…!

February 22, 2025 at 3:49 pm | by emanisa.lk

මේ වන විට ආණ්ඩුව අනුර පාර්ශ්වය සහ ටිල්වින් පාර්ශ්වය ලෙස දෙකඩ වී ඇති බවත් බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස ටිල්වින් පාර්ශ්වය නියෝජනය කරන බවත් සමගි ජන බලවේග ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ නිසා ආතතියට පත්ව ඇති ජනාධිපති අනුර දිසානායක, ජනතාව ආසන 159ක් මන්ත්‍රී ආසන ලබා දුන්නේ ටිල්වින්, බිමල්, නලින්ද කට්ටුවට ආණ්ඩුව කරන්නදැයි සිය සමීතම මිතුරෙකුගෙන් විමසා ඇති බවයි.

ඒ සඳහා විසඳුමක් ලෙස ජාතික ලැයිස්තුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයෙක් මන්ත්‍රී ධුරයට පත්කොට මුදල් අමාත්‍යංශය ලබාදීමට මේ වන විට සාකච්ඡාවක් දියත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද තමන් ආර්ථිකය දන්නේ යැයි කයිය ගහන මෙවැනි අයට ආර්ථිකය භාර දීම කිසිසේත් නුවණට හුරු තීරණයක් නොවන බවත් ගෝඨාභයට අවසානයේ ගෙදර යෑමට සිදු වූයේ මේ නිසා බවත් වරුණ රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ආර්. ප්‍රේමදාස විසින් ආර්. පාස්කරලිංගම්, චන්ද්‍රිකා බණ්ඩාරනායක පී.බී. ජයසුන්දර, රනිල් වික්‍රමසිංහ විසින් ආචාර්ය සමරතුංග පත්කරගත්තා සේ ආර්ථිකය ගැන දන්නා අයකු ළංකරගත යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *