මාලිමාණ්ඩුව ආව විතරයි පාතාළය කලබල වෙලා… ඝාතනවලට හේතුව එයයි…! – මාලිමා මන්ත්‍රී…

February 22, 2025 at 10:23 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග පාතාල සාමාජිකයන්ට දේශපාලන රැකවරණය අහිමි වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමග ඔවුන් කලබලයට පත්ව ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එය මෑත කාලයේ සිදුවන ඝාතන සිද්ධිවලට හේතුවක් විය හැකි බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *