පාතාළය මඩින්න සියලු පක්ෂ එකතු විය යුතුයි.. මාලිමාණ්ඩුවට ඇඟිල්ල දිගු කර පලක් නෑ…! – දිලිත් ජයවීර…

February 19, 2025 at 8:15 pm | by emanisa.lk

රටේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් වර්තමාන රජයට පමණක් ඇඟිල්ල දිගු කළ නොහැකි බව සර්වජන බලය පක්ෂ නායක දිලිත් ජයවීර පවසයි.

මෙතෙක් පැවති අපරාධ රැල්ල මේ අවස්ථවේ වේගවත් වී ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සහ බුද්ධි තොරතුරු රැස්කිරීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් නිර්මාණය වී ඇති බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව මේ සඳහා විසඳුම් සෙවිය යුතු බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (19) අලුත්කඩේ උසාවි පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *