මාලිමාණ්ඩුවේ මංගල අයවැයෙන් මන්ත්‍රී වරප්‍රසාද කැපේ… පර්මිට් නෑ… රජයේ වාහනත් නෑ…! – ජනපති…

February 17, 2025 at 3:01 pm | by emanisa.lk

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (17) 2025 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ සමාලෝචනය කරන බව ද ඒ අනුව ලක්ෂ 10ට පැවති මන්ත්‍රී රක්ෂණය රුපියල් ලක්ෂ 2.5 දක්වා අඩුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

අධික නඩත්තු වියදම් දැරීමට සිදුවන රජයේ සියලු සුඛෝපභෝගි වාහන මාර්තු මාසයේ වෙන්දේසි කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

තෝරාගත් රජයේ නිලධාරීන්ට සුදුසු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම හරහා වාහන සඳහා වු අධික වියදම් අවම කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

“මන්ත්‍රීවරුන්ට පර්මිට් එක ලැබෙන්නෙත් නෑ. මේ අවුරුද්දේ වාහනත් නෑ. අයවැයෙන් මුදල් වෙන්කරලා නෑ. ඒක දරාගන්න බෑ”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *