නීතිපති පසු පාදයට… තීන්දුව රිවර්ස්…!

February 13, 2025 at 2:16 pm | by emanisa.lk

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු එම නඩුවෙන් නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම් දී තිබිණි.

කෙසේ වුව ද එම තීන්දුවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ අතර ජනාධිපතිවරයා විසින් නීතිපති කැඳවා අදාළ තීන්දුව පිළිබඳ ප්‍රශ්න කළ බව ද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *